ප‍්‍රධාන පුවත්

ආර්ථික කළමනාකරණ කමිටුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැඩි විවේචනයකට ලක්කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යමණ්ඩල රැස්වීම පැවැත්විණි.
රටේ ආර්ථිකය හැසිරවීම සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ස්ථාපිත කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත්කරන ලදී.

මීට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටේ ආර්ථිකය හැසිරවීම සඳහා ආර්ථික කළමනාකරණ කමිටුවක් පත්කර තිබුණි.
අග්‍රාමාත්‍යවරයාගේ ආර්තීක කළමනාකරණ කමිටුවට විකල්පයක් වශයෙන් එහි නිරීක්ෂණද සහිතව ජනාධිපතිතුමා විසින් නව කමිටුව පිහිටුවීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත්කරන ලදී.

මේ සඳහා තවත් සති 3ක කාලයක් කල්ගන්නා ලෙසටඋපාය මාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තාවේ.

ඊට ජනාධිපතිවරයා එකඟවී නොමැති අතර තමා ඉදිරිපත්කරන අමාත්‍යමණ්ඩල සංදේශය සම්මත කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම කමිටුවේ සංයුතිය ගැන තවදුරටත් සාකච්ඡා කළයුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
සංයුතියේ කිසිදු ගැටළුවක් නොමැති බවත් ජනාධිපතිට අගමැතිට ඕනැම අමාත්‍යවරයෙකුට මෙම කමිටුවට සම්බන්ධවිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ඊට අමතරව යම් ගැටළුවක් පැන නැගුණොත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනුකමිටුවක් පත්කිරීමට යෝජනා කර තිබෙන බවද ජනාධීපතිවරයා පෙන්වා දී ඇත.

මෙම කමිටුව තවත් කල් දැමීමට නොහැකි බව දැඩි ලෙස ජනාධීපතිවරයා අවධාරණයකර තිබේ.
මීට පෙර පත්කළ කමිටු මගින් රටේ ආර්ථිකය නිසි මගකට ගැනීමට නොහැකි වූ බව සඳහන් කරමින් දොස් පැවරූ බවද වාර්තාවේ.

රටේ ආර්ථිකය ඉවරයි. රටේ ආර්ථිකය හසුරවන්න මට දෙන්න කියලා කිව්වා. නමුත් ඒක පිළිගන්නේ නැහැ. මේ වැරදි ආර්ථික ගමනක් එක්ක රට මේ විදියට ගෙනි යන්න බැහැ. මට කරුණු 100 ක් වුණත් පෙන්වන්න පුළුවන්. ජනතාව දෙගොල්ලන්ටම ලබාදුන්නු ප්‍රතිචාරයේ තත්ත්වය පේනවානේ යනුවෙන් ජනාධීපති මෛත්‍රිපාල මහතා තරමක් දැඩි ස්වරයකින් මෙහිදී ප්‍රකාහ කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

තමාට ගැටළු පවතින්නේ පෞද්ගලික කාරණාහෝ පුද්ගලයෙකු සම්බන්ධයෙන් නොව ප්‍රතිපත්තිමය කරුණු නිසා බවද ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අමාත්‍යමණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More