දේශීය පුවත්

ඉතිහාසයේ දරුණුම පරාජය විපක්ෂයට ලබා දීම සඳහා ජනතාව දැනටමත් පෙළ ගැසී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි පැවැසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24 වැනිදා) නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයේදීය.

වැඩි දුරටත් අදහස් දැක් වූ සිසිර ජයකොඩි මෙසේද කී වේය:

“හරින් ප්‍රනාන්දුත් මංගල සමරවීරගේ පාරේ යමින් නිර්දය ලෙස කාදිනල්තුමාට චෝදනා කරනවා. පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් හෙළිදරව් වීම වැළැක්වීම ඔවුන්ට වුවමනා වුණා. කාදිනල්තුමාට චෝදනා කරමින් පාස්කු ප්‍රහාරයට සැබෑ ලෙසම වගකිව යුතු රිෂාද් බද්යුදීන් වැනි අය සමග ඔහු ඉතා කුළුපගව කටයුතු කරනවා.

කරුණා අම්මාන්ගේ ප්‍රකාශයත් ආණ්ඩුවට බැර කිරීමට විපක්ෂය උත්සාහ කරනවා. ආයුධ අතහැර දැමුවාට පසුවත් දිගින් දිගටම කෙනෙකුට චෝදනා කිරීම සුදුසු නැහැ. එසේ කරනවා නම් මහා ජන සංහාර සිදු කළ එක්සත් ජාතික පක්ෂයත්,ජනතා විමුක්ති පෙරමුණත් ඒ චෝදනාවට ලක් වෙනවා. ඔහුගේ ප්‍රකාශය මම පෞද්ගලිකව හෙළා දකිනවා. අපිට ඔහුගේ සහය ලබා ගැනීමට කිසිඳු අදහසක් නැහැ. දෙකඩ වූ විපක්ෂයකින් සහයෝගයක් බලාපොරොත්තු වීමත් නොකළ යුතු දෙයක්. මන්ද ඔවුන්ගේ පක්ෂය, ලකුණ රැකගැනීම වෙනුවෙන් වෙහෙසෙනවා විනා රටේ පොදු ගැටලු පිළිබඳ අවධානයක් යොමු කිරීමට කාලයක් ඔවුන්ට නැහැ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More