විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය පෙර මුද්‍රිත කාඩ්පත් මිලියන පහක් ඇමරිකානු ඩොලර් පනස් අටලක්ෂ විසි එක්දහස් පන්සියයකට (5,821,500) මිලදී ගැනීම සඳහා ගෙන ඇති තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව මෙම කාඩ්පත් මිලට ගැනීම සඳහා රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් සහිත නව තාක්ෂණ ඇගයීම් කමිටුවක් ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණය යටතේ කඩිනමින් නැවත ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඇමැති මණ්ඩලයට යෝජනා කර ඇත.
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පෙරමුද්‍රිත කාඩ්පත් මිලියන පහක් මිලදී ගැනීම පෞද්ගලික ආයතන දෙකකින් සිදු කිරීමට 2019 ඔක්තෝබර් 07 දින තීරණය කර ඇත. ඒ අනුව එපික් ලංකා පෞද්ගලික සමාගමට දේශීය ගාස්තු නොමැතිව අදාළ ප්‍රසම්පාදනය ඇමරිකානු ඩොලර් දහනව ලක්ෂ විසි එක්දහස් පන්සියයකට සහ ටොපෑන් හෝම්ස් (කලම්බෝ) පෞද්ගලික සමාගමට ඇමරිකානු ඩොලර් තිස්නව ලක්ෂයක හා රුපියල් ලක්ෂ පනහක් දේශීය ගාස්තු යටතේ පිරිනැමීමට නිර්දේශ කර තිබිණි.
මෙම තීරණ දෙකම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (24 වැනිදා) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබූ බවද වාර්තා වෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...