දේශීය පුවත්

දිස්ත්‍රික්ක හතක් ඩෙංගු අධි අවදානම් කලාප බවට හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල සහ මහනුවර එම දිස්ත්‍රික්ක වෙයි. මෙම දිස්ත්‍රික්කයන්හි පවතින වැසි සමග තවදුරටත් ඩෙංගු අවදානම ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර කියයි.

මෙම වසරේ මෙතෙක් ඩෙංගු මරණ 23ක් වාර්තා වී තිබේ. රෝගීන් 21,000 ඉක්මවා තිබෙන බවද පැවසේ. පවතින කඩින් කඩ වැසි සමග රට පුරා යළි ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් පවතින බව අවාධාරණය කෙරේ.

මේ අතර අද (25වැනිදා) සිට දින තුනක් දිවයින පුරා ඉදිකිරීම්/ වැඩබිම් පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇත. සෞඛ්‍ය කාර්ය මණ්ඩල, පොලිසිය, රාජ්‍ය ආයතන නිලධාරීහු ජනතාව දැනුවත් කරමින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීම සහ ඉවත් කිරීමට කටයුතු කරන බව ඔහු පවසයි.

කොවිඩ් මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයකින් මේ වනවිට ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බව පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More