රණසිංහ පේ‍්‍රමදාස ජනපතිවරයා එම ධුරය දැරූ එම ආණ්ඩුවේ අනුග‍්‍රහය මත බෙදූ ටී .56 ගිනි අවි සහරාන් හෂීම්ට ලැබී ඇති බව පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනපති කොමිෂන් සභාවේදී හෙළි විය.
එදා පේ‍්‍රමදාස රජය මෙම ගිනි අවි ලබාදී ඇත්තේ හිටපු ආණ්ඩුකාරවරයකු මෙන්ම ඇමැතිවරයකු වූ ඒ. එල්. එම්. හිස්බුල්ලාට වන අතර ඒවා පසුව සහරාන් හෂීම්ට ලැබී ඇති බව හෙළිව තිබිණි.
මේ කරුණු අනාවරණය වූයේ සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ප‍්‍රවීණ මාධ්‍යවේදී කි‍්‍රස්ටෝපර් කමලේන්‍ද්‍රන් මහතා ඊයේ (24 දා) ලබාදුන් සාක්ෂියෙනි.
2009 දී මෙම මාධ්‍යවේදියා කාත්තන්කුඩියේදී සහරාන් හෂීම් හමුවී ඇති අතර එහිදී සහරාන්ගේ කාමරයේ ටී.56 අවියක් තිබූ බව ඔහු කොමිසමට හෙළි කර ඇත.
1990 කාත්තන්කුඩි පල්ලියට ප‍්‍රහාර එල්ල වීමෙන් පසුව එවක පැවැති රජය ඒ. එල්. එම්. හිස්බුල්ලාට ටී.56 ගිනි අවි ලබාදී ඇති බවත් පසුව හිස්බුල්ලා විසින් ප‍්‍රසිද්ධියේම තමන්ට එම අවි ලබාදුන් බව සහරාන් හෙළි කළ බව මාධ්‍යවේදියා මෙහිදී අනාවරණය කර තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...