මැතිවරණය පැවැත්වීමේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබෙන කොවිඩ් මාර්ගෝපදේශ, නීතියක් බවට පත්කිරීමේ ගැසට් පත්‍රය නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව හෙට (25) නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
මේ අතර Face book සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ලෝකයේ සියලුම රටවල් කොවිඩ් 19 උවදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමූහික ක්‍රියාවලියක උත්සාහය මත ශ්‍රී ලංකාව සාධණීය ජයග්‍රහණයක් ලබා ඇතත් කොවිඩ් 19 වෛරසය තවමත් ලොවෙන් තුරන් වී නොමැති බවය.
නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් තවදුරටත් සෞඛ්‍ය අංශ සහ රජයේ උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙසද ජනාධිපතිවරයා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...