දේශීය පුවත්

අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ දිර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදුන් ආධාරකරුවන් විශාල පිරිසක් මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයට සහයෝගය දැක්විම සදහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ අපෙක්ෂක හිටපු රාජ්‍යය අමාත්‍යය සි.බි.රත්නායක මහතා සමග (24) දින එක් විය.

අඹගමුව ප්‍රාදේශිය සභා රැස්විම් ශාලාවේදි එම පිරිස ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය සමග එක්විය.

එසේ එක් වු පිරිස කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදුන් පිරිසක් වන අතර වර්තමානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට දියුණු කිරිමට ගෙනයන වැඩපිලිවෙල සහ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමට සාර්ථකව මුහුණ දුන් ආකාරය පිලිබදව පැහැදිමක් ඇති වු එම පිරිස මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයට සහයෝගය දැක්විමට කිසිදු බලපැමකින් තොරව එක් වු බවයි එම පිරිස සි.බි.රත්නායක මහතා හමුවේ කියා සිටියේ.

මෙම අවස්තාවට අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා , හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රි ශෂි රත්නායක මහතා ඇතුළු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශිය නායකයින් රැසක් සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ                       



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More