‘සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය’ (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව අද (24) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙන ලදී.
හෙට (25) දිනයේ දී මෙම කමිටු වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට නියමිත අතර, නිර්දේශ ද සහිත මෙම කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරියේ දී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.
‘සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව’ විසින් MCC ගිවිසුම සම්බන්ධයෙන් මාස 06ක කාලයක් අධ්‍යයනයක නිරත වූ අතර එහිදී විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගනු ලැබීය.
මේ අතර ‘සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය’ (MCC) සමාලෝචන කමිටුව විසින් 2020 පෙබරවාරි 14 වන දින අගමැතිවරයාට ඉදිරිපත්කළ එහෙත් මහජනයාට විවෘතව නොමැති ආරම්භක වාර්තාව අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ අප වෙත ලැබී ඇති අතර අද දින අවසන් වාර්තාව නිකුත්වූ බැවින් එම වාර්තාව ජනතාවගේ දැන ගැනීම සඳහා සමාජගත කරන්නෙමු.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙම කමිටුව පත්කරනු ලැබූ අතර එහි සභාපති ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කටයුතු කළේය.
ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ ඩී.එස් ජයවීර, ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන අය සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කළහ.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා සහ කමිටු සාමාජිකයින් එක්ව සිටියහ.
මහජනයාට විවෘතව නොමැති ආරම්භක වාර්තාවට මෙතැනින් පිවිසෙන්න

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...