දේශීය පුවත්

මෙරට පැවති යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ නායකයා වූ කරුණා අම්මාන්ගේ සහාය ඉතා වැදගත් වූ බව හිටපු ඇමති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ යුධ හමුදාව යුද අපරාධ සිදු කළ බවට එවකට හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කරද්දී ශ්‍රී ලංකාව යුද අපරාධ නොකළ බවට කරුණා අම්මාන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදීද ශ්‍රී ලංකා යුද අපරාධ නොකළ බවට කරුණා අම්මාන් සාක්ෂි දීමට ඉදිරිපත් වූ බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

වර්තමානයේ කරුණා අම්මාන් විසින් සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇතිවී තිබෙන බවත් එ් සදහා අදාල කටයුතු නීති අංශ විසින් ගනු ඇති බවත් ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More