දේශීය පුවත්

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නව පිහිටි මරිච්චකට්ටු රක්ෂිත වන ප්‍රදේශය හෙළිකොට අනවසර ඉදිකිරීම් සෑදීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළ තීන්දුව ජුලි මස 31 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කරයි.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම අද (24) කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ බව ප්‍රකාශ කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

මෙම නඩුවට අදාළව,  2018 වසරේ අගෝස්තු මස 28 වන දා තමන් විසින් ගොනුකරන ලැබූ ලිඛිත දේශනය තවදුරටත් අදාළ කරගන්නා ලෙස එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබේ.

ඉන් අනතුරුවයි මෙම පෙත්සමට අදාළ තීන්දුව ජුලි මස 31 දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර ඇත්තේ.

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි මරිච්චකට්ටු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388 හෙළිකොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුළින් විශාල පාරිසරික හානියක් සිදු වී තිබෙන බව පෙත්සම ඉදිරිපත් කළ පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙළිකිරීම් සිදුකොට අනවසර ඉදිකිරීම් සෑදීම වැළැක්වීමට තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

මෙම නඩුවේ විභාගය අවසන්කොට ඉකුත් වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කරණ ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More