දේශීය පුවත්

පලස්තීනයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ මැදිහත්වීම පිළිබඳ ශ්‍රී ලංකා රජය කනස්සල්ල පළ කර ඇති අතර බටහිර ඉවුරේ කඳවුරු ඉදි කිරීම නවත්වන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත.

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදී නිකුත් කළ නිවේදනයක් ඔස්සේ මෙලෙස ශ්‍රී ලංකාව පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිට තිබේ.

අදාළ නිවේදනයෙන් ශ්‍රී ලංකාව අවධාරණය කර ඇත්තේ පලස්තීන ජනතාවට රාජ්‍යත්වයට සහ ඔවුන්ගේ භූමියේ ඇති ස්වාභාවික සම්පත්වලට ඇති නීත්‍යනුකූල හා නොවැළැක්විය හැකි අයිතියක් පවතින බවයි.

ඊශ්‍රායලය විසින් 1967 සිට පලස්තීන දේශ සීමාවේ වාඩිලාගෙන සිටින අතර මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මැදපෙරදිග සාම ක්‍රියාකරු විසින් නැවත නැවත ප්‍රතිරාව කර ඇති බවත් ශ්‍රී ලංකාවද ඊශ්‍රායලයේ එම මැදිහත්වීමට විරෝධය පළ කරන බවත් අදාළ නිවේදයේ වැඩිදුරටත් දැක්වේ.

ඊශ්‍රායලයේ මෙම ක්‍රියාකාරකම් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති හා මහා මණ්ඩලයේ යෝජනා ඇතුළු අන්තර්ජාතික නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකාව නිරායුධ පලස්තීන සිවිල් වැසියන්ට එරෙහි ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග හේතුවෙන් කලාපයේ තිරසාර සාමයක් සාක්ෂාත් කර ගැනීම දුෂ්කරවී ඇති බවත් පෙන්වා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More