දේශීය පුවත්

2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් සිදුවුවේ යැයි කියන තරග පවා දිම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාළ පිටු හයකින් සමන්විත පැමිණිල්ලක් අද (24) දින පොලිස් විශේෂ විමර්ශන ඒකකයට බාර දුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අද (24) උදෑසන 6.30ට පමණ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් 2011 වසරේ ලෝක කුසලාන තරගාවලිය පාවාදීම සම්බන්ධයෙන් සිදු කරන  ලද ප්‍රකාශය පිළිබඳව එතුමාගේ නාවලපිටියේ පිහිටි කාර්යාලයේ දී ක්‍රිඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

එම ප්‍රකාශ අනුව වැඩිදුර විමර්ශන ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකය විසින් සිදුකරනු ලබයි.

මෙම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, තමන් කල පැමිණිල්ල පිටු හයකින් සමන්විත වන බවත් , එම පැමිණිල්ලට අදාල ලේඛන අටක්ද පොලිස් විශේෂ විමර්ශන අංශය වෙත භාර දුන් බවද පැවසීය.

ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12 අතර තරග පවාදිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නමද ඇතුළත් බවත්, මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කම්ටුව විසින් විශේෂ ලිපියක් එවා තිබු බව ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.

එම තරග පවාදීම සම්බන්ධයෙන් පවතින සැකය සම්බන්ධයෙන් දැනට පොලිස් විශේෂ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් තවදුරටත් ඒ පිළිබඳව කතා නොකරන ලෙසද අමාත්‍යවරයා සියලු මාධ්‍යවේදීන්ගෙන් මෙහිදී ඉල්ලුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More