දේශීය පුවත්

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම පැමිණිල්ල අද (24) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත.

පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවට දන්වා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි.

උපදෙස් ලබාගැනීම සඳහා විමර්ශනය ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව ද පොලීසිය විසින් අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල එරෙහිව වෙන් වෙන්ව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව පැමිණිල්ල සැප්තැම්බර් මස 02 වන දා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්ථා කර ලෙසද රජය නියෝජ සොලිසිටර් ජනරාල් වරයාට නියෝග කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More