දේශීය පුවත්

කඳුකරයේ කොටි මදුගසා මරා දත් නිය ඇතුළු කොටස් අලෙවිකිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනී යන්නේ යැයි පරිසරවේදීහු චෝදනා කරති.

මෑත භාගයේ මෙම ජාවාරම වැඩිවෙමින් පවතිතැයි පෙනීයන බවත් පසුගිය මාස කිහිපය තිස්සේ මදුගසා කොටි මරාගැනීමේ සිද්ධීන් රාශියක් වාර්තා වූ අතර එසේ වාර්තා නොවී හොර රහසේ කරන ලද දඩයම් ප්‍රමාණය කිසිසේත් වාර්තා නොවී පවතිනු ඇති බවත් ඒවා දන්නේ දඩයක්කරු පමණක් විය හැකි බවත් පරිසරවේදියකු මෙන්ම සත්ව සංරක්ෂකවරයකු ද වන රුක්ෂන් ජයවර්ධන මහතා පැවසීය

මේ අනුව දැනට පවතින දත්තවල වලංගුභාවය පිළිබඳ විශ්වසනීයත්වයක් නැතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
මධ්‍ය කඳුකරයේ දී මදුවලට අසුවී සිටින කොටි මුදාගැනීමේ දී මියයන්නට හේතුව ඒ සඳහා පැමිණෙන නිලධාරින් අදාල ස්ථානයට ළගාවීම ප්‍රමාදවීම බවත් වහා පිළියම් යෙදිය යුත්තේ ඒ සඳහා බවත් ජයවර්ධන මහතා කීය.

වහ වහා වනජීවී කාර්යාලයක් මධ්‍ය කඳුකරයේ ආරම්භ විය යුතු බවත් එහි පශූ වෛද්‍ය අංශයේ නිලධාරින් ඇතුළු මනා පුහුණුවක් ඇති කුඩා කණ්ඩායමක් සිටිය යුතු බවත් පෙන්වා දුන් ඒ මහතා එම කණ්ඩායම ක්ෂණික ප්‍රතිචාර දැක්විමට සූදානමින් සිටිය යුතු බවත් පැවැසීය.

වනසත්ව ගහණයේ කොටියා වැනි සුවිශේෂී සතුන් රැකගන්නට නම් ඉහත කී කරුණු ගැන වහා අවධානය යොමු විය යුතු බවත් පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම කිසිසේත්ම නොගැලපෙන බවත් ඔහු කියා සිටියේය.

මෙම කරුණු සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තමන්ට අවස්ථාවක් ලදහොත් එය සිදුකරන බවත් මේ වනතුරුත් එවැනි අවස්ථාවක් නොලැබුණු බවත් ජයවර්ධන මහතා කියා සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More