දේශීය පුවත්

පක්ෂයට විරුද්ධව සහ පක්ෂය අපහසුතාවට පත්වන ආකාරයට සමගි ජන බලවේගය සමග කටයුතු කරන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂ ව්‍යවස්ථාවට අනුව නීතිය ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර වෙත ඊයේ (23 වැනිදා) දැනුම් දී ඇත.

එලෙස ප්‍රසිද්ධියේම සහයෝගය දක්වන පළාත් පාලන මන්ත්‍රීවරුන් හඳුනාගෙන ඇති බවද පක්ෂ ආරංචි මාර්ග පවසයි. කොළඹ දිසා විනිසුරුවරයා පෙරේදා (22 වැනිදා) ලබා දුන් තීන්දුවට අනුව එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහි සමගි ජන බලවේගය ගොනු කළ පෙත්සමට අනුව වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. එම නිසා පළාත් පාලන මන්ත්‍රීවරුන්ටද එරෙහිව නීතිය ක්‍රියාක්මක කර සාමාජිකත්වය අත්හිටුවන ලෙස පක්ෂ නායකත්වය නීති ලේකම්වරයාට දැනුම්දී තිබේ.

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන මන්ත්‍රීවරුන් වෙනුවට නවක මන්ත්‍රීවරුන්ද පත්කිරීමටද සැලසුම් කර ඇත. කොළඹ දිසා අධිකරණය ලබාදුන් නඩු තීන්දුවට අනුව පළාත් පාලන ආයතන පහළොවක පමණ විපක්ෂනායකවරු සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ. එම පිරිස වෙනුවට නව මන්ත්‍රීවරුන් පත්කර එම ලේඛනය කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ​යොමු කිරීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන මන්ත්‍රීවරු දෙදහසක් පමණ සිටිති.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More