පාස්කු ඉරුදින ප්රහාරයේ මහ මොළකරු බව කියන සහරාන් හෂීම්ට ඉන්දියාවට බෝට්ටුවෙන් පළා යාම සදහා එක් අවස්ථාවකදී හිටපු අමාත්ය රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයා උපකාර කර ඇතැයි පාස්කු ඉරුදින ප්රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමේදී අනාවරණය වී තිබේ.
ඒ, කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු බුද්ධි අංශ අධ්යක්ෂවරයෙකු ඒ පිළිබඳ කළ අනාවරණයත් සමගයි.
එහිදී ඔහු පවසා ඇත්තේ 2018 වර්ෂයේ දී සහරාන් හෂීම් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළාගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
ඒ සඳහා උපකාර කර ඇත්තේ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන හිටපු අමාත්ය රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුදීන් බව ද හිටපු බුද්ධි අධ්යක්ෂවරයා ප්රකාශ කර ඇත.
එමෙන්ම රිෆ්කාන් බදියුදීන් මිනිස් ජාවාරම ඇතුළු ජාවාරම් රැසක් සිදුකර ඇති බවට කොමිසම හමුවේ අනාවරණ වී ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්ය...
අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජනප්රිය රංගන ශිල්පී උද්දික ප්රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්රී ලංකාවට එවීමට...