LTTE සංවිධානයේ මතවාදය ප‍්‍රචාරය කරන තවත් ජංගම දුරකතන යෙදවුමක් පිළිබද තොරතුරු අනාවරණ වී තිබේ.
මාවිරාගල් ලෙස නම් කර ඇති මෙම ජංගම දුරකතන යෙදවුම හරහා LTTE සංවිධානයේ ඡායාරූප සහ වීඩියෝ පට ප‍්‍රචලිත කර ඇතැයි සදහන්.
එමෙන්ම LTTE හිටපු නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ඡායාරූප මෙන්ම ඔහුගේ හඩපටද මෙම ජංගම දුරකතන යෙදවුමට ඇතුළත් කර තිබේ.
මීට පෙරද අන්තර් ජාල රේඩියෝවක් උපයෝගී කර ගනිමින් LTTE සංවිධානයේ මතවාදය ප‍්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් පිළිබද මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය විය.
ජංගම දුරකතන යෙදවුම් 2 ක් හරහා කි‍්‍රයාත්මක වූ මෙම වැඩපිළිවෙල පිළිබද වූ අනාවරණයත් සමග ආරක්‍ෂක අංශවල අවධානය ද ඒ වෙත යොමු වුණි. පසුව ගූගල් ආයතනය කටයුතු කළේ අදාළ යෙදවුම් ඉවත් කිරීමටය.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...