කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් මාස දෙකක පමණ කාලයක් වසා දමා තිබූ වැලිසර නාවික කඳවුර අද(23) සිය යළි විවෘත කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශය සැපයූ උපදෙස් පිළිපදිමින් එහි කටයුතු සිදුකරන බවද ඔහු කීය.
නාවික හමුදා සාමාජිකයන් 30දෙනෙකු කොරෝනා වයිසරය ව්‍යාප්තවී ඇති බව හඳුනාගැනීමත් සමඟ හුදකලා කෙරුණු වැලිසර නාවික කඳවුර අප්‍රේල් 27 වැනිදා සිට මේ දක්වා වසාදමා තිබිණි.
වැලිසර නාවික කඳවුර කොරෝනා ව්‍යාප්තවීමේ අවදානම රහිත කලාපයක් බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජූනි 20 වැනිදා නාවික හමුදා කමාන්ඩර්වරයා වෙත ඒ බව ලිඛිතව දැනුම් දී තිබිණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...