දේශීය පුවත්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින්නේ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවැසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිඟුරක්ගොඩ කාන්තා කොට්ඨාස බලමණ්ඩල රැස්වීමට ඊයේ (22 වැනිදා) සහභාගි වෙමිනි.

ඔය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මට කවුරු විවේචන එල්ල කළත් මම බොහෝම පැහැදිලිව කියනවා පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ.

මම මත්ද්‍රව්‍ය මර්දනයට ගෙන ගිය ජාතික වැඩපිළිවෙළ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට රිදුණා. ඒ නිසා මාව බලයෙන් තල්ලු කරන්න, මාව ජනතාව අතර අප්‍රසාදයට පත්කරන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ විශාල වැඩපිළිවෙළක් දියත් කළා. යැයි හිටපු ජනාධිපතිවරයා එහිදී කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More