දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යවශ්‍ය නොවන ආනයන, දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.
‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයට ගමන් මඟ සකසා තිබේ. දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ජයගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගය බව ජනාධිපතිවරයා කියා සිටී. කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සහ ක්ෂේත්‍ර රැසක කර්මාන්තකරුවන් සමඟ ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ජනතාවගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම, නව කර්මාන්ත බිහි කිරීම හා රටට නව තාක්ෂණය හඳුන්වාදීම වැනි ව්‍යාපාරිකයන් විසින් කළයුතු බොහෝ දේ ඇත. රට තුළ නිෂ්පාදනය කරන සෑම භාණ්ඩයකම හා සපයන සෑම සේවාවකම ගුණාත්මකභාවය ඉහළ මට්ටමකින් පවත්වාගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතවීමට උත්සාහය කළයුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ගොවියාට වගා කිරීමට උපදෙස් දී කෘෂි බෝග ආනයනය රජයේ ප්‍රතිපත්තිය නොවේ. ඝෘජු ප්‍රතිපත්තියක සිට රජයේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බැවින් කර්මාන්තකරුවාට සේම ගොවියාට ද ඉල්ලුම හඳුනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.
මෝටර් රථ නිෂ්පාදන එකලස් කිරීමේ කර්මාන්තකරුවන්, මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයන්ගේ සංගමය, ඇසුරුම් නිෂ්පාදකයන්ගේ සංගමය, විදුලි කේබල් කර්මාන්තකරුවන්, බෝට්ටු නිෂ්පාදකයන්ගේ සංගමය, ලෝහ කර්මාන්තකරුවන්, සම් නිෂ්පාදකයන්ගේ උපදේශක කමිටුව, රබර් ආශ්‍රිත නිෂ්පාදකයන්ගේ සංගමය, විදුලි හා විද්‍යුත් උපකරණ උපදේශක කමිටුව. දැව සහ දැව ආශ්‍රිත කරමාන්තකරුවන්ගේ සංගමය, ඒකාබද්ධ ඇගළුම් සංගම් සංසදය, ඇගළුම් කර්මාන්තකරුවන්, රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය, ඖෂධ නිෂ්පාදන උපදේශක සභාව ඇතුළු ක්ෂේත්‍ර රැසක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීහු ද ඊට සහභාගී වූහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...