යාපනයේ මැතිවරණ අපේක්ෂකයෝ නගරයේ හා ගම්මානවල මහා මාර්ග සිය මැතිවරණ අංකයන් හා වැකි යොදමින් විනාශ කොට තිබේ.
මහා මාර්ගවල තීන්තෙන් මේ වැකි හා අංක ඇඳ තිබීම නිසා කලූතෙල් යොදා ඒවා මැකීම හැර වෙනත් විකපයක් නැති බව පොලිසිය කියයි. නමුත් මහා මාර්ග මැද කලූතෙල් යෙදීම මාර්ග අනතුරු වලට හේතුවන නිසා මැතිවරණ අපේක්ෂකයින්ගේ
මේ ක‍්‍රියාව නිසා අසරණ වී සිටින්නේ පොලිසිය බව ඔවුහු සඳහන් කරති.
යාපනය දිසාපති කාර්යාලයේ පසුගිය සතියේ පැවති සාකච්ඡාවකදීද අපේක්ෂකයින්ට මේ අන්දමට කටයුතු නොකරන ලෙස මැතිවරණ නිලධාරීන් උපදෙස් දී තිබේ.
යාපනයේ මැතිවරණ අපේක්ෂකයින්ගෙන් විශාල පිරිසක් මැතිවරණ නීති රීති පිළිබඳව කිසිඳු තැකීමක් නොකරන බවද පොලිසිය සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...