දේශීය පුවත්

නෝර්වේහි ප‍්‍රධාන එල්ටීටීඊ කි‍්‍රයාකාරිකයා වන නඩරාජා සේතුපරන් ඊයේ (22 වැනිදා) අලූයම කටුනායක ගුවන් තොටුපළේදී ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ.

නොර්වේ සිට මීට මාස කිහිපයකට පෙර ශී‍්‍ර ලංකාවට පැමිණි මොහු කොරෝනා වසංගතය හමුවේ ආපසු යා නොහැකිව සිට ඊයේ යළි නෝර්වේ බලා පිටත්ව යෑමට පැමිණි අවස්ථාවේ ප‍්‍රකාශයක් ලබා ගැනීම ස`දහා මෙසේ රඳවාගෙන ඇත.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද නඩරාජා සේතුපරන් මෙරට ආරක්‍ෂක අංශවල ප‍්‍රශ්න කිරීම්වලට ලක් කෙරිණි.

මොහු කටාර් ගුවන් සේවයට අයත් යානයකින් යළි නෝර්වේ බලා පිටත්ව යෑමට සූදානම්ව සිට ඇති අතර එහිදී ඔහුට රටින් පිටවීමට අවස්ථාව දීමට නොහැකි බව දැනුම් දුන් ආගමන විගමන නිලධාරීන් පසුව ඔහු ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් භාරයට පත් කර තිබේ.

පසුගිය යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ඇති කළ ලිහිල් ප‍්‍රතිපත්තීන් සමග විදේශගතව සිටි ප‍්‍රබල ත‍්‍රස්තවාදීන් සහ එල්ටීටීඊ කි‍්‍රයාකාරීන් කටුනායක ගුවන් තොටුපළ හරහා මෙරටට පැමිණ යළි පිටත්ව යෑම දිගින් දිගටම සිදුවිය.

නඩරාජා සේතුපරන්ගේ පිටව යෑම සම්බන්ධයෙන් යාපනයේ පදිංචි ආරිගුණරාජා සෙල්වා නමැත්තකු විසින් කන්කසන්තුරය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය සහ ගුවන්තොටුපළ බලධාරීන් ඔහු මෙසේ ර`දවා ගැනීමට පියවර ගෙන ඇත.



One thought on “නෝර්වේ කොටි ලොක්කා කටුනායකදී කොටු වෙයි”

  1. ඒ තරමටම බුද්ධි අංශ දියුණුයි….පැමිණිල්ල නැත්නම් මේක ගිහිල්ල.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More