දේශීය පුවත්

පාස්කු ඉරිදා දිනයේ ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ විවාහ මංගලෝත්සවයට ඇමතිවරු දෙදෙනක් සහභාගිවී ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ දී අද හෙළිවිය.

එම බෝම්බකරුගේ බිරිඳ වන්නේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසක් තුළ සිය දරුවන් තිදෙනාද පොලිස් නිලධාරීන් සිව් දෙනෙක්ද මරාගෙන මැරෙමින් බෝම්බයක් පුපුරවාගත් ෆාතිමා ජිෆ්රි නමැත්තියයි.

එම බෝම්බකාරියගේ මව වන ෆාතිමා ෆරීඩා උම්මා මහත්මිය විසින් සාක්ෂි ලබාදීමේදී මේ බව අද හෙළිවිය.

එම ඇමතිවරුන්ගෙන් එක් අයෙක් රවුෆ් හකීම් මහතා යැයි ඇය මුලින් සදහන් කළාය.

ඒ ගැන කොමිසම නැවත නැවතත් කළ ප්‍රශ්න කිරීමේදී ඇය සදහන් කරන්නට වූයේ ඇමතිවරුන් කවුරුන්ද යන්න නමින් නිෂ්චිත ලෙස මතකයක් නැති බවය.

එහෙත් ඇමතිවරු දෙදෙනෙක් එම විවහා උත්සවයට සහභාගිවූ බව තමාගේ මතකයේ ඇතැයි ඇය සදහන් කළාය.

එම ඇමතිවරු දෙදෙනා සිංහල ඇමතිවරුන්ද මුස්ලිම් ඇමතිවරුන්දැයි කොමිසම විමසා සිටි අවස්තාවේදී ඊට පිළිතුරු දෙමින් ඇය සදහන් කළේ ඒ ගැන නිෂ්චිතවම සදහන් කරන්නට තරම් හැකියාවක් තමන්ට නැති බවයි.

සිය දරුවන් සහ සැමියා ඒ ගැන දන්නා බව තමන් විශ්වාස කරන බව ඇය කීවාය.

පංච පුද්ගල ජනාධිපති කොමිසන් සභාව අද රැස්වූයේ එහි සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්ෂ, බන්දුග අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්මිය කොමිසමේ සෙසු සාමාජිකයන්ය.

thecolomboexpress.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More