දේශීය පුවත්

පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් ඉඩම් සම්බන්ධයෙන් පුරා විද්‍යා අධ්‍යක්‍ෂවරයාගේ අවසන් මැණුම් වාර්තාව ලැබෙනතුරු කිසිඳු සංවර්ධන කටයුත්තක් නොකරන ලෙස පොතුවිල් මහෙස්ත්‍රාත් මොහෝමඩ් රාෆි මහතා දෙපාර්ශවයටම අද (22) නියෝග කළේය.

පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් බව කියන ඉඩම් වලට අයිතිවාසිකම් කියන එක් පුද්ගලයකු විසින් මෝසමක් මාර්ගයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

අධිකරණ නියෝග මත පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අම්පාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා මුහුදු මහා විහාරයට අයත් බව කියන ඉඩම් වල මැණුම් කටයුතු මෙතෙක් අවසන්ව නැති බව දැනුම් දීමක් සැළකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉඩම් ගැටළු සම්බන්ධයෙන් මාධ්‍යතුළින් කරුණු අනාරණය වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨභය රාපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම ඉඩම් ගැටළුව නිරකරණය කරන ලෙසට අදාල අංශවල නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීමෙන් අනතුරුව පසුගිය 18 සහ 19 යන දිනයන්වල  මුහුදු මහා විහාරයේ මැනුම් කටයුතු කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව උත්සහ කිරීමේදී උණුසුම් තත්වයක් ඇතිවිය.

මුහුදු මහා විහාරයට අයත් බව කියන ඉඩම් සම්බන්ධයෙන් විහාරස්ථානය හා එම ඉඩම් වලට අයිතිවාසිකම් කියන පුද්ගලයින් 13 දෙනෙකු අතර නඩු කටයුත්තක් පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරේ.

එම ඉඩම් සම්බන්ධයෙන් මැණුම් කටයුතු සිදුකිරීමේදී ඇතිවු තත්වයෙන් අනතුරුව පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග කරන නඩුව මෝසමක් මඟින් කැඳවනු ලැබු අවස්ථාවේදී අම්පාර පුරා විද්‍යා අධ්‍යක්ෂවරයාට අද (22) දින අධිකරණයේ පෙනී සිටින ලෙසට කර තිබු නියෝගයකට අනුව අම්පාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා අම්පාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා අමතමින් මෙම ඉඩම්වල මැනුම්කටයුතු අවසන් කර ඇත්නම් එහි අවසන් වාර්තාව ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.

ඒ අවස්ථාවේදී අම්පාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා අධිකරණය අමතමින් මෙතෙක් එම මැනූම් කටයුතු අවසන්වී නැතැයි දැනුම් දුන්නේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා මුහුදු මහා විහාරයට අයත් ඉඩම් සම්බන්ධයෙන් පුරා විද්‍යා අධ්‍යක්‍ෂවරයාගේ අවසන් මැණුම් වාර්තාව ලැබෙනතුරු කිසිඳු සංවර්ධන කටයුත්තක් නොකරන ලෙස දෙපාර්ශවයටම නියම කළේය.

මෙම පැමිණිල්ල ලබන අගොස්තු මස 05 වැනිදා කැඳවීමට නියම කළේය.

 

 



One thought on “මුහුදු මහා විහාරයට අයත් ඉඩමේ සංවර්ධන කටයුතු නොකරන ලෙස නියෝගයක්”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More