දේශීය පුවත්

බෞද්ධ පිරිවෙන් සඳහාම වෙන්වූ දෙපාර්තමේන්තුවක් අවශ්‍ය බවට වන ඉල්ලීම සහ සමාජ වැඩපිළිවෙල, ඊට එරෙහිව දක්නට ලැබෙන යම් ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධාන වල මතය විමසන ලදි. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේම වචනයෙන් –

‘‘ පාස්කු ප්‍රහාරයට පසු එළිදරව් වූ තොරතුරු අනුව මුස්ලිම් දරුවන් ආගමික අන්තවාදයට පොළඹවන මද්‍රසා පාසැල් ගැන සමාජයේ විශාල විරෝධතාවයක් එල්ල වුණා. ඒ වෙලාවේ මුස්ලිම් අන්තවාදයට යමින් උදව් කරමින් එහෙත් මතුපිටින් ව්‍යාජ ලෙස විරෝධය පළ කරන යම් මුස්ලිම් උගතුන් පිරිසක් මැදට පැනල කියනවා මද්‍රසා පාසැල් නීතිගත කරන්න වෙනම නීතික් අවශ්‍යයි කියලා. ඒ සඳහා ඔවුන් ඉතා කෙටි කලකින් නීතියකුත් කෙටුම්පත් කළා. ඔවුන් කළේ ඉතා සූක්ෂමව වෙලාව බලලා නීතිවිරෝධී පාසැල් නීත්‍යානුකූල කරලා ඒවා රජයේ වියදමින් නඩත්තු කරන්න හදන සූක්ෂම වැඩක්. කළ යුතු වන්නේ සියලු අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයට ලක් කිරීමයි. එක එක ආගම් වලට පාසල් හෝ අධ්‍යාපන ආයතන වෙන වෙනම නීති යටතේ පවත්වාගෙන යාමේ උවමනාව තිබෙන්නේ ආගමික අන්තවාදීන්ට. ඒ නිසා පිරිවෙන් දෙපාර්තමේන්තුවක් ඉල්ලීම මුස්ලිම් අන්තවාදීන්ගේ ලනු ගිලීම නිසා සිදුවන දෙයක්.‘‘



One thought on “පිරිවෙන් දෙපාර්තමේන්තුවක් හදන වැඩේ ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන ගොන් වැඩක් – ජාතික සංවිධාන”

Leave a Reply to Thilak Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More