ඉකුත් සෙනසුරාදා (20දා ) හා ඉරිදා (21ද ) යන දිනවල කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ “පී.සී .ආර් ” පරීක්ෂණ 2008ක් මෙරට සිදු කළද ඒවායින් එකදු කොරෝනා ආසාදිතයෙකුවත් හඳුනා නොගැනුණු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි .
මේ අනුව ඉකුත් සෙනසුරාදා (20දා ) මෙරට ” පී.සී .ආර් ” පරීක්ෂණ 827 ක්ද ඉරිදා (21දා ) එම පරීක්ෂණ 1181 ක්ද වශයෙන් පරීක්ෂණ 2008 ක් අදාළ දින
දෙක තුළ සිදු කර තිබේ. මෙරටින් අවසන් වරට ප්‍රජාව තුළින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී තිබුණේ ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා වන අතර එතැන් සිට මෙරටින් වාර්තා වුයේ නාවුක හමුදා හා ආනයනික යන කොරෝනා ආසාදිත පොකුරු දෙක ආශ්‍රිතව මතු වූ ආසාදිතයින් පමණකි.
එම ආසාදිත පොකුරුවලින් මේ වන විට සක්‍රියව පවතිනුයේ ආනයනික කොරෝනා ආසාදිත පොකුර බව එම අංශය කියයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...