දේශීය පුවත්

ශ්‍රී ලංකා රජයට හා හමුදාවන්ට සාවද්‍ය චෝදනා නගමින් යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගසන්නට වෙර දරන ජාත්‍යන්තර සංවිධානවලට එරෙහි නීතිමය කටයුතු කිරීම සඳහා නීතිඥවරුන් කණ්ඩායමක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සිටිති.

ස්ටිස් ෆෝ ශ්‍රී ලංකා (J4SL) යන නමින් නීතිඥවරුන් දොළොස් දෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩායම නොමිලේ නීති සහාය දීමට හා අධිකරණ කටයුතුවලට ඉදිරිපත්වීමට එකඟතාව පළ කර ඇත.

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ ජීවිතයට හානියක් වන සේ සාවද්‍ය චෝදනා එල්ල කළ ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යස්මින් සුකාට එරෙහිව නීතිමය පියවර ගැනීමටද මෙම සංවිධානය කැමැත්ත පළ කර ඇත.

හමුදා ඉතිහාසයේ පළමු වරට සේවයේ නියුතු නිලධාරියකු ලෙස මේජර් ජෙනරාල් සුරේෂ් සලේ රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා යස්මින් සුකාට එන්තර වාසියක් යවා තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More