විදේශ පුවත්

ලොව  පුරා  රටවල් හා ස්වාධීන කලාප 215ක් තුළ පැතිර ගොස් ඇති කොරෝනා වෛරසය  ආසාදනය වුවන්ගේ සංඛ්‍යාව අද (22දා) උදැසන අනු ලක්ෂය ඉක්මවා ගියේය .මේ අනුව අද දහවල් 1  වන විට ලොව පුරා රටවලින් වාර්තා  තිබු මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අනු  ලක්ෂ පනස් තුන්දහස් එකසිය හැත්තෑ හයක්  (9,053,176) විය .

මෙම සංඛ්‍යාවෙන් බහුතරය වන ආසාදිතයින්  විසි තුන් ලක්ෂ පනස් හයදහස් හත්සිය පහලොවක් (2,356,715) වාර්තා  වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර  ලොව දෙවැනි වැඩිම කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව බ්‍රසීලයෙන්ද (1,086,990) තෙවැනි වැඩිම කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව රුසියාවෙන්ද (584,680) ,සිවුවැනි වැඩිම කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉන්දියාවෙන්ද (426,910) වාර්තා වී තිබේ.

අද දහවල් 1 වන විට ලොව පුරා රටවලින් වාර්තා වී තිබු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑදහස් අටසිය හතලිස්හතරක්   (470,844)  වූ අතර මෙතෙක් සුවපත් වී ඇති මුළු එම ආසාදිතයින්ගේ සංඛ්‍යාව හතලිස් අටලක්ෂ හතලිස් දෙදහස්  තුන්සිය දොළහක් වේ (4,842,312).



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More