දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂකයින් අතර මනාප පොරය උග්‍ර මට්ටමකට පැමිණෙමින් පවතින අතර ඊයේ (21) දිනයේදී ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිව් දෙනෙකු රෝහල්ගත කර තිබිණි.

මාතර දෙනියාය ප්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ පැවැත්වීමට සූදානම් කර තිබුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවකට එම පක්ෂයේම වෙනත් පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ කොටපොල ප්‍රාදේශීය සභාවේ උපසභාපති සංජීව අරුක්ගොඩ, මන්ත්‍රී මානෙල් ආනන්ද සහ ජීවන් ලංකාතිලක නමැති තවත් අයෙකු දෙනියාය රෝහලට ඇතුළත් කර ඇත.

හම්බන්තොට, අගුණකොළපැලැස්ස ප්‍රදේශයේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ආධාරකරුවකුට පහරදීමක් සිදුව ඇති අතර ඔහු හකුරුවෙල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු අවමංගල්‍ය උත්සවයකට සහභාගී වෙමින් සිටියදී පොහොට්ටුවටම අයත් අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා සහ තවත් අයෙකු ඔහුගේ හිසට පහරදී ඇති බව සඳහන්.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More