දේශීය පුවත්

පොදු ප්‍රවාහන සේවාවලට අමතරව වාහන ලීසිං සහනය මෝටර් රථ ඇතුළු අනෙකුත් වාහනවලටද මාස 6ක කාලයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව, ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල්, ලීසිං සහ මූල්‍ය ආයතනවල ක්‍රියාකාරකම් පිළිබඳව සොයාබැලීමට පත්කරන ලද කමිටුවේ සභාපති හරිගුප්තා රෝහණධීර මහතා පවසයි.

පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ, පාසල් වෑන් රථ, ත්‍රිරෝද රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් භාවිත කරන රථවාහන සඳහා මාස 6කට ලීසිං සහන දැනට ලබාදෙන බව ඒ මහතා සඳහන් කරයි.

මෝටර් රථ ඇතුළු අනෙකුත් වාහන සඳහා ලිසිං සහනය මාස තුනකට ලබාදී තිබුණද එම වාහනවලටද මාස 6 ලීසිං සහනය ලබාදෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

කොවිඩ් – 19 වයිරසය හේතුවෙන් සමාජය ක්‍රියාකාරී නොවූ නිසා එම මෝටර් රථ හිමියන්ටද ලැබුණු ආදායම අහිමි වී ගොස් ඇති බව ඔවුහු පෙන්වාදෙන බවද රෝහණධීර මහතා සඳහන් කරයි.

මෙම ඉල්ලීම් ගැන කමිටුව ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවත්, එම කමිටුවට ලීසිං සහ මූල්‍ය ආයතනවල ගැටලු සම්බන්ධයෙන් ජනතාවට පැමිණිලි සහ අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව පුළුල් ලෙස අද හෙටම ලබාදෙන බවත් ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය‍.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More