දේශීය පුවත්

සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා  ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් ලබා දීම කොළඹ දිසා අධිකරණය විසින් අද (22) ප්‍රතික්ෂේප කළේය.

අදාළ පැමිණිල්ලෙන් ඉල්ලා සිටින වාරණය නිකුත් කරනවාද නැත්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය මේ බව දැනුම් දුන්නාය.

සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ , එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් , උපනායක රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කෙරිණි.

පැමිණිලිකාර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක්‍රාම් මොහොමඩ් මහතා පෙනී සිටියේය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රෝලන්ඩ් පෙරේරා මහතා පෙනී සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More