විදේශ පුවත්

සර්බියාවේ පාර්ලිමේන්තු අද (21) ආරම්භ විය.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමාවලින් පසුව යුරෝපයේ පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු මැතිවරණය මෙයයි.

මැතිවරණයෙන් පාලක සර්බියානු ප්‍රගතිශීලී පක්ෂය (සර්බියන් ප්‍රෝග්‍රසිව් පාටි) පක්ෂය පහසු ජයක් ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම පක්ෂය මධ්‍යස්ථ මතධාරී පක්ෂයක් වන අතර බහුතර බලය ද අත්පත් කරගනු ඇතැයි පැවසේ.

සෑම ඡන්ද ස්ථානයකම මුඛ ආවරණ සහ අත්සෝදන පිරිසුදු කාරක තබා තිබෙන අයුරු දක්නට ලැබුණු බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. මිලියන 6.6ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි නමුත් නව කොරෝනා වයිරසය හේතුවෙන් බොහෝදෙනකු ඡන්දය ප්‍රකාශ නොකරනු ඇතැයි වාර්තා වේ.

එරට වේලාවෙන් පස්වරු 2 වනවිට ඡන්දය ප්‍රකාශ කර තිබූ ප්‍රතිශතය සියයට 26.5ක් වූ අතර මීට වසර හතරකට පැවැති මැතිවරණයේදී පෙර එම වේලාව වනවිට ඡන්දය ප්‍රකාශ කර තිබූ ප්‍රතිශතය 29.7ක් වූ බව එරට ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ දත්ත වාර්තාවල දැක්විණි.

ජනාධිපති අලෙක්සන්දාර් වූසිස් එරට මාධ්‍ය සියල්ල පාලනය කරන බැවින් ඇතැම් විපක්ෂයේ පක්ෂය මැතිවරණය වර්ජනය කරනු ඇතැයි ද මේ නිසාද ඡන්දය ප්‍රකාශ කරන සංඛ්‍යාවේ අඩුවක් සිදුවනු ඇතැයි ද කියැවේ.

අල්ජසීරා/රොයිටර්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More