දේශීය පුවත්

පසුගිය ජනාධිපතිවරණයේදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කතෝලික ඡන්ද වෙනත් මඟකට යොමුකරමින් දේශපාලන ක්‍රියාවලියක නිරත වූ බව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ පොළොන්නරුව මැදිරිගිරිය ආසන බලමණ්ඩල රැස්වීමට අද (21) පෙරවරුවේ එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

“බදුල්ලේ ඉඳන් මම කොළඹට ආවා. මම තාත්තාගෙන් ඇහුවා දන්න විදිහ. CID නිලධාරියෙක් කියලා තියෙන්නේ. මාව CID යට අට පාරක් ගෙනාවා . මමද මේක කළේ? හිටපු ජනපති දන්නේ නැහැ කියනවා. රනිල් මට කියන්න කිව්වා. මාත් ඒක මාධ්‍යයට කිව්වා. ඒක කැරකිලා මට ආවා. තොරතුරු කලින් ඇවිල්ලා තියෙනවා. පිටිපස්සේ තියෙන්නේ වෙන සෙල්ලමක්. රටේ නායකයෙක් ආවා. ගෝඨාභය – 52% සජිත් – 42% . මෙතන ගේම බලන්න. ගෝඨාභයගේ ගොඩෙන් 5% ක් සජිත්ට ආවානම්. ප්‍රතිශත සමාන වෙනවා. 5% වෙනස් කළේ කවුද? හිතාගන්න පුළුවන් නේද?. කතෝලික ඡන්දවලට පහර ගැහුවා. අගරදගුරු හිමියන් වෙත ගියා
එයා දුන්නා මරු දේශපාලනය. මටත් කතෝලික සම්භවයක් තියෙන්නේ. අගරදගුරු දේශපාලනය කිරීම ගැන හිරිකිතයි. මම ඇමතුමක් දුන්නා. උන්වහන්සේ කළ ප්‍රකාශය. දේශපාලනය කළේ. 5% ගේමේ ඇතුළේ හිටපු මිනිස්සු මේ“

හිටපු ඇමතිවරයාගේ මෙම ප‍්‍රකාශයට විරෝධය පාමින් කාතෝලිකයන් මෙන්ම විවිධ කතෝලික සංවිධානද සමාජ ජාලාවන්හි අදහස් පල කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More