දේශීය පුවත්

ගෝඨාභය රාජපක්‍ෂ රජය යම් ආකාරයක නිවැරදි මාවතක ගමන් කරමින් ඇති අවස්ථාවක නැවත වරක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ගැන කතාබහක් මතුව ඇත්තේ ඒ අවස්ථාව බිඳ දැමීමට දැයි යන්න ගැටලූවක් ඇතිවී ඇති බවත් මෙරට ආණ්ඩු කීපයක් බිඳ වැට්ටවීමට පවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධ ප‍්‍රශ්න බලපෑ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා  පවසයි.

ප‍්‍රමිතියක් නැති වෛද්‍ය විද්‍යාලවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ බවද, මෙරට පෞද්ගලික රෝහල් වලට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යාමට තරම් ප‍්‍රමිතියක් තවමත් නොමැති බවද පාදෙණිය මහතා පැවැසීය.

‘‘දැනටමත් අපේ රටේ පළාත් නවයක රජයේ වෛද්‍ය විද්‍යාල 13 ක් තිබෙනවා. ඔය කියන ඇබර්ඞීන් වෛද්‍ය විද්‍යාලය ගැන අපි සමාජ මාධ්‍ය වලින් දැක්කා. ඒත් එහෙම දෙයක් කරනවා නම් ප‍්‍රමිතිය තහවුරු විය යුතුයි. අපේ රටේ පෞද්ගලික රෝහල්වල ඒ ආකාරයේ ප‍්‍රමිතිය තහවුරු කළ හැකි අවශ්‍යතා සම්පූර්ණ කර නැහැ. බිල්ඩින් තිබුණට ප‍්‍රමිතිය සම්පූර්ණ වෙන්නේ නැහැ. අපේ රටේ පුද්ගලික රෝහල්වල තියෙන්නේ රෝගීන්ට ප‍්‍රතිකාර කරන කාමර විතරයි. ශික්‍ෂණ රෝහල් පුද්ගලික අංශයට නැහැ.

දැනට රජයේ වෛද්‍ය විද්‍යාල මගින් වසරකට වෛද්‍යවරු 1600 ක් පිටවෙනවා. විශේෂඥ වෛද්‍යවරු දෙදහසකට වැඩි පිරිසක් රටේ ඉන්නවා. ප‍්‍රමිතියක් නොමැති පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට අපි විරුද්ධයි. මම මේ උත්සාහය දකින්නේ ගෝඨාභය රාජපක්‍ෂ රජය අවුල් කිරීමේ උත්සාහයක් විදිහටයි. මේ රටේ ආණ්ඩු කීපයක්ම මේ විදිහේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධ ප‍්‍රශ්න නිසා මීට පෙර බිඳ වැටුණා.’’ යයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More