හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් පොලොන්නරුව අරලිය හෝටලයේ පැවති පොලොන්නරුව දිස්ත‍්‍රික් විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ හමුවද මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් සිදු කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව තේපැන් සංග‍්‍රහය පවා අත්හිටුවීමට සිදු වූ බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (20දා) සවස පොලොන්නරුවේදී පැවසීය.
හිටපු ජනාධිපතිවරයා පෙරේදා පොලොන්නරුවේදී සංවිධානය කළ රජයේ විශ‍්‍රාමිකයින්ගේ සුහද හමුවටද මෙසේ මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ බාධා එල්ල විය.
මේ වන විට මෛති‍්‍රපාල සිරිසේන මහතා සංවිධානය කළ වැඩසටහන් දෙකක්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ් බාධා කිරීම් නිසා අඩාල වී ගියේය. තමන්ට එල්ල කෙරෙන බලපෑම් ගැන කනගාටු වන බව හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...