දේශීය පුවත්

රජිව් ප‍්‍රකාශ් ජයවීර ශී‍්‍ර ලංකා ගුවන් සේවයේ ලන්ඩන් කාර්යාලයේ නේවාසික කළමනාකරුවකු ලෙස සේවය කළේය. බම්බලපිටිය පොලිස් පාර්ක් ප‍්‍රදේශයේ නිවසක පදිංචි වී සිටි ඔහු ජර්මනියේ හිටපු තානාපති ස්ටැන්ලි ජයවීරගේ පුත‍්‍රයෙකි.

සිව්දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහලූ පුත‍්‍රයා වූ ඔහු සේවයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර කාර්යාලයක් පවත්වාගෙන ගියේය. රජිව් පසුගිය සිකුරාදා අබිරහස් ලෙස ටොරින්ටන්හි මියගොස් සිටියදී පොලිසිය විසින් සොයා ගැනිණි. සිය දිවි නසා ගැනීමට පෙර ඔහු සිය බාල සොහොයුරු වෙත මුද්‍රිත ලිපියක්ද ලියා තැබූ අතර ඊට අත්සන් කර තිබුණේ අයියා යනුවෙනි. තමන් කටයුතු කරන්නේ නෙල්සන් මැන්ඩෙලා මෙන් බව ඔහු සිය ලිපියේ තවදුරටත් දක්වා තිබිණි.

රජිව් සිය ලිපියෙන් සොහොයුරු වෙත පාපොච්චාරණයක් ද කර තිබිණි. අවමංගල සේවාව ලබා ගැනීමට මම උත්සාහ කළා. එහෙත් එය වයස 90 ක් වන අයට පමණක් එම අවමංගල පහසුකම ලබාදෙන බව පවසනු ලැබුවා යැයි කියා තිබිණි.

එසේම රජිව් ජයවීර දිල්හාරා නමැත්තියගෙන් දික්කසාද වී ඇති අතර ශිරෝමාලා සමග විවාහ වීම ගැන කනගාටුවට පත්වන බවත් හෙතෙම පැවසීමෙන් තහවුුරුවන්නේ ඔහුගේ පවුල් ජීවිතය අවුල් සහගත තත්ත්වයක පැවැති බවය.

කොළඹ ඉහළ පෙළේ විදුහලක ඉගෙනුම ලැබූ රජිව් නිරතුරුවම බි‍්‍රතාන්‍යය වෙත පිවිසියේය. තමා ගනු ලබන කි‍්‍රයාමාර්ගය නිසා සොහොයුරියට හා අනිකුත් අයට මුහුණපෑමට සිදුවන අපහසුතාව ගැන ද හෙතෙම කනගාටු විය.

ඇස් පෙනීම අඩුවීම සහ සිරුරේ ආබාධයක් තිබීම ගැනද ඔහු සිය ලිපියේ දක්වා තිබිණි.

රජිව් ජයවීරගේ සිරුර හමුවීමෙන් පසු පරාජිත දේශපාලකයෙක් පැවසුවේ සෙබළුන් වෙඩි තබා ගන්නේ හිසට බවත් මෙම වෙඩි තබා ගැනීම නමට සිදුවී ඇති බව දක්වමින් ඊට රජය සම්බන්ධ බවට නොකියා කියා සිටියේය.

ඒ සමඟම ‘මඩ’ වෙබ් අඩවි දෙකක් රජිව්ගේ මරණය සෘජුවම රටේ ප‍්‍රධානියකු වෙත යොමු කළේය. එහෙත් ඔහුගේ පවුලේ අය ඒ ගැන සැක කළේ නැත. රජිව්ගේ සොහොයුරිය දුෂ්මන්ති පැවසුවේ සිය සොහොයුරා දිවි නසා ගැනීමට පෙර ලිපියක් ලියා තිබූ බවයි.

කෙසේ වෙතත් රජිව් ජයවීරගේ මරණය තාජුඞීන්, ලසන්ත වික‍්‍රමතුංග යන අයගේ මරණ විකුණාගෙන කෑ අන්දමට ඉදිරි මැතිවරණයේදී මඩ ප‍්‍රහාර එල්ල කිරීම සඳහා භාවිත කිරීමට දේශපාලන පාර්ශ්ව දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

මෙම දේශපාලන පාර්ශ්ව බලාසිටියේ පවුලේ අයගෙන් මෙම මරණය සැක සහිත යැයි ප‍්‍රකාශ වනතුරුය.

එසේ වුවත් ඔහුගේ පවුල් ජීවිතයේ තොරතුරු රැසක් මරණයත් සමගම යටපත් විය.

මිය යන විට 64 හැවිරිදි වියේ පසු වූ රජිව් ජයවීර ශී‍්‍ර ලංකාවේ සිටිනවාට වඩා වැඩිකලක් ජීවත් වූයේ ලන්ඩන් නුවරය. රජිව් ජයවීර මිය යෑමට පෙර ලියා තිබූ ලිපියෙන් තමා නික්ම යෑමට බලා සිටින බවද පවසා තිබිණි.

මේ ලිපියෙන් ඔහු තුළ පැවැති සිත්තැවුල් සහ අසහනකාරී තත්ත්වයද විද්‍යාමාන විය.

මගේ නැවේ කප්පිත්තා මමයි, මගේ ඉරණමේ ස්වාමියා ද මමයි යැයි රජිව් ජයවීර දක්වා තිබිණි.

ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ නේවාසික කළමනාකාර ධුරය දැරූ රජිව් ජයවීර කොළඹ සිට රටවල් රැසකට ගුවන් ගමන් යැවීමටද සම්බන්ධ විය.

ඔහුට ලන්ඩන් නුවර මිත‍්‍රයන් රැසක්ද සිටියේය.

සාමි මන්තී‍්‍ර මණ්ඩලයේ නේස්බි සාමිවරයා ද ඔහුගේ එක් මිත‍්‍රයෙකි. ගුවන් සේවා කටයුතු පිළිබඳ පුහුණුව ලත් රජිව් ජයවීර මෙවන් ඉරණමකට ගොදුරු වනු ඇතැයි ඔහුගේ මිතුරන් ද සිතුවේ නැත.

රජිව්ගේ හදිසි අභාවය ගැන අහපු නේස්බි සාමිවරයා ද කම්පාවට පත්විය. ඔහු දේශපේ‍්‍රමියෙක් යැයි නේස්බි සාමිවරයා කියා සිටියේය. මේ අතර රජිව්ගේ මරණය ගැන නොවිසඳුන පුවත් රැසකි. ඒ මේ දක්වාම පිස්තෝලය මිලයට ගත්තේ කාගෙන්ද යන්න හෙළි නොවීමය. එසේම සිය නිවසින් පිට වූ ආකාරය කිසිදු සීසීටීවී දර්ශනයක සඳහන් වී නොතිබිණි.

මේ හැර ඔහු කිසිදු දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙක් නොවූ අතර රජිව් ජයවීර කොරෝනා වසංගතය මර්දනයට රුපියල් පන් ලක්‍ෂයක් ද පරිත්‍යාග කළේය.

කීර්ති වර්ණකුලසූරිය

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More