දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සාමාජිකත්වය සඳහා තරග වැදුණු කැනඩාව, අයර්ලන්තය, සහ නෝර්වේ යන රටවල් තුන වෙනුවෙන්ම පසුගිය සතියේ පැවැති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව සිය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය.

ඔවුන් වෙනුවෙන් ඡන්දය භාවිත නොකිරීමේ පදනමද ජිනීවාහි මෙරට නිත්‍ය නියෝජිත විසින් අදාළ රටවල් තුනට දැනුම්දී ඇතැයි වාර්තාවේ.

මෙම රටවල් තුන සමගම පවතින සබඳතා පිළිබඳවත් නැවත සලකා බැලීමේ අවශ්‍යතාවක් තියෙනවා. ජාත්‍යන්තර තලයේදී මෙම රටවල් තුනම පිළිබඳවම බරපතළ ඇගැයීමක් සිදුකළ යුතුයි කියන ස්ථාවරයේ තමයි ශ්‍රී ලංකාව ඉන්නෙ’’ යැයි විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සාමාජිකත්වය වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමේ අයිතිය ශ්‍රී ලංකාව සතුවේ. මෙම අයිතිය භාවිත කරමින් රටකට ආරක්ෂක මණ්ඩලයේ ආසනයක් ලබාදීමේදී අදාළ රට ශ්‍රී ලංකාව පිළිබඳව අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව සලකා බැලීය යුතු බව එම ප්‍රකාශකයා පැවැසීය. විශේෂයෙන්ම අයර්ලන්තය යුරෝපයට අයත් වන අතර යුරෝපා සංගමය ශ්‍රී ලංකාව පිළිබඳ සිය ප්‍රතිපත්තිමය තීරණවලදී දෙමළ ඩයස් පෝරාවේ හඬට කන්දීමද මෙහිදී ලංකාවේ තීරණයට හේතුවී ඇත. එසේම කැනඩාව හා නෝර්වේ යන රටවල් දෙකේම ශ්‍රී ලංකාව පිළිබඳ විදේශ ප්‍රතිපත්තීන්ද දෙමළ ඩයස්පෝරාවෙන් පවතින බලපෑමද මෙලෙස අදාළ රටවල් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර නොසිටීමේ ශ්‍රී ලංකාවේ තීරණය බලපා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More