ගතවූ දින 15 ඇතුළත වාර් තා වී ඇත්තේ කොවිඞ් 19 රෝගීන් 149 දෙනෙක් පමණක් වුවද එම කාලය ඇතුළත කොරෝනා රෝගීන් 633 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය වාර් තා පෙන්වා දෙයි.
ඒ අනුව රෝහල් ගත වී ප්‍රතිකාර ලබන කොවිඞ් 19 රෝගීන් ගණන සීඝ්‍රයෙන් ක්‍රමාණුකූලව අඩුවෙමින් පවතින බව පෙන්වා දෙන එම වාර් තා ඉකුත් දින තුනේ දී කිසිදු රෝගියෙකු වාර් තා නොවූ බව ද අද (21) දහවල් නිකුත් වූ වාර්තාවේ සඳහන් වේ.

(මෙම තීරු ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ පසුගිය මාසයක කාලය ඇතුළත සුවය ලබා රෝහල් වලින් පිටව ගිය කොවිඩ් – 19 ආසාදිතයන් සංඛ්‍යාවයි)
මේ වනවිට වාර් තා වී ඇති රෝගීන් ගණන 1950 ක් වන අතර සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පිරිස 1498 කි. එය රෝගීන් ප්‍රතිශතයෙන් සියයට 76.8කි.
ඒ අනුව තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 441 ක් දක්වා අඩු වී ඇති අතර දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන්නේ එක් රෝගියෙක් පමණි.
මේ මාසයේ ගතවූ දින 21 දී වැඩිම රෝගීන් පිරිසක් වාර් තා වී ඇත්තේ ජුනි දෙවැනිදා වන අතර එදින රෝගීන් 79 දෙනෙක් වාර් තා වී තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට සුවවී රෝහලෙන් පිටව යන රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතින බැවින් ඇඳන් 484 ක් ඉකුත් දින 15 දී නිදහස්ව ඇති බව ද එම වාර් තා අනුව පෙනීයයි.

(මෙම ප්‍රස්ථාරයේ ළා කොළ පැහැයෙන් දක්වා ඇත්තේ පසුගිය මාසයක කාලය තුළ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් – 19 ආසාදිතයන් සංඛ්‍යාවයි)
කොවිඩ් – 19 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය – සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...