දේශීය පුවත්

හෙරොයින් ජාවාරම්, මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු අපරාධවල නිරත වෙමින් ප‍්‍රධාන පෙළේ පාතාල කණ්ඩායම් 26 ක් රට පුරා ක‍්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය කළ සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත.

මෙම පාතාල කණ්ඩායම් අතරින් 20 ක් බස්නාහිර පළාත තුළ සක‍්‍රීය තත්ත්වයේ පවතින අතර දකුණු පළාතේ ප‍්‍රදේශ කීපයක් කේන්ද්‍ර කරගෙන පාතාල කණ්ඩායම් 6 ක් ක‍්‍රියාත්මක වන බව ද හෙළි වී තිබේ.

මෙම පාතාල කණ්ඩායම් බහුතරයක නායකයන් ලෙස කටයුතු කරන අපරාධකාරයන් විදේශගතව සිටින අතර තවත් පිරිසක් පාතාල කල්ලි මෙහෙයවන්නේ බන්ධනාගාරය තුළ සිට බව ද වාර්තා වෙයි.

බස්නාහිර පළාත කේන්‍ද්‍ර කරගත් පාතාල කණ්ඩායම් මෙසේය.

දෙමටගොඩ චමින්ද සහ ඔහුගේ සොහොයුරු මෙහෙයවන පාතාල කල්ලිය දෙමටගොඩ ප‍්‍රදේශය කේන්‍ද්‍ර කරගෙන සක‍්‍රීය තත්ත්වයෙන් සිටියි. දෙමටගොඩ චමින්ද බන්ධනාගාරගතව සිට සිය කල්ලිය මෙහෙයවනු ලබන බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

බ්ලූමෙන්ඩල් සංඛ මෙහෙයවන කල්ලිය කොටහේන බ්ලූමෙන්ඩල් ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වෙයි. සංඛ විදේශගතව සිට සිය කල්ලිය මෙහෙයවයි.

අංගොඩ ප‍්‍රදේශය කේන්ද්‍ර කරගත් අංගොඩ ලොක්කා මෙහෙයවන කල්ලිය ක‍්‍රියාත්මක වෙයි. අංගොඩ ලොක්කා ඩුබායි රාජ්‍යයේ සිට සිය කල්ලිය මෙහෙයවයි.

පස්පොඞ්ඩා මෙහෙයවන පාතාල කල්ලිය ගම්පහ ප‍්‍රදේශය කේන්‍ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වෙයි. කඩුවෙල ප‍්‍රදේශයේ සක‍්‍රීයව පවතින පාතාල කල්ලිය මෙහෙයවන්නේ ඌරුජුවා නමැති අපරාධකරු විසින්ය. ඌරුජුවා සිය කල්ලිය මෙහෙයවන්නේ බූස්ස බන්ධනාගාරයේ සිටය.

¥නගහ සුජී මෙහෙයවන කල්ලිය දිවුලපිටිය ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වෙයි. බැරල් සංඛ නමැති අපරාධකරු පෑලියගොඩ ප‍්‍රදේශය සිය පාතාල රජදහන කරගෙන සිටියි.

ගොනාකෝවිලේ අංජු ඉතාලියේ සිට සිය පාතාල කල්ලිය මෙහෙයවයි. ගොනාකෝවිලේ රොහා මෙහෙයවන කල්ලිය මොරටුව, රත්මලාන ප‍්‍රදේශ කේන්‍ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වෙයි.

කොටහේන මෝදර ප‍්‍රදේශ කේන්ද්‍ර කරගත් පාතාල කල්ලියට නායකත්වය දෙන්නේ පූකුඩුකන්නා සහ කෙනඩි නොහොත් බුම්මා විසින් ය.

මෝදර ප‍්‍රදේශය සිය පාතාල බලකොටුව කරගත් වැල්ලෙ සුරංග සිය කල්ලිය මෙහෙයවයි. කොටහේන ජම්පටාවීදිය සිය රජදහන කරගත් පාතාල සෙල්ලිගේ පුතුන් දෙදෙනා වන රිමෝෂන් සහ කැනිස්ටස් පාතාල කල්ලියක් මෙහෙයවයි.

මාලිගාවත්ත පාතාල රාජධානියට නායකත්වය දෙන්නේ දැනට අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් ය.

වනාතමුල්ල ප‍්‍රදේශයේ සිය පාතාල කණ්ඩායම කේන්‍ද්‍ර කරගෙන බිම්සර නමැති අපරාධකරු ක‍්‍රියාත්මක වෙයි. මට්ටක්කුලියේ කුඩු රොෂාන් ද මෝදර ප‍්‍රදේශයේ පාතාල කල්ලියක් ක‍්‍රියාත්මක කරයි.

ගනේමුල්ලේ සංජීව ගම්පහ ගණේමුල්ල ප‍්‍රදේශය පුරා සිය පාතාල බලය ක‍්‍රියාත්මක කරගෙන සිටියි.

කඩුවෙල ‘ඉන්‍ද්‍රා’ නමැත්තා ද හංවැල්ල. කඩුවෙල, රණාල, බෝමිරිය ප‍්‍රදේශවල පාතාල බලය ව්‍යාප්ත කරගෙන සිටියි. කෙසෙල්වත්ත ඩිනුක ඩුබායි හි සිට සිය පාතාල කල්ලිය මෙහෙයවයි.

මේ අතර දකුණු පළාත කේ්න්‍ද්‍ර කරගත් පාතාල කණ්ඩායම් 6 ක් මෙසේය.

කොස්ගොඩ තාරක බන්ධනාගාරගතව සිට ගාල්ල, රත්ගම, කොස්ගොඩ ප‍්‍රදේශවල සිය පාතාල කල්ලිය මෙහෙයවයි.

මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය මාතර, කඹුරුපිටිය, මාකඳුර ප‍්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක‍්‍රියාත්මක වන අතර, එම කල්ලිය මාතර ඩිල්ෂාන්, හරක්කටා යන පාතාල සාමාජිකයන් විසින් මේ වන විට මෙහෙයවයි.

මිදිගම චින්තකගේ කල්ලිය ද දකුණු පළාතේ ක‍්‍රියාත්මක වන තවත් පාතාල කල්ලියකි. රත්ගම ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන ආමි අමිල නමැත්තා මෙහෙයවන පාතාල කල්ලිය ක‍්‍රියාත්මක වෙයි. තංගල්ල ප‍්‍රදේශය සිය පාතාල රජදහන කරගත් නේවි රුවන් පාතාල කල්ලියක් ක‍්‍රියාත්මක කරගෙන යන බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More