දේශීය පුවත්

කොරෝනා වැලදීමෙන් මහා මාස එකහමාරක කාලයක් පීඩා විඳිමින් සිටි මෙරට ගුවන් සේවිකාවක් තමන් විසින් පැය 12ක් ඇතුලත සුවපත් කළ බව වෛද්‍ය එලියන්ත වයිට් මහතා සඳහන් කරයි.

තමන් විසින් කුණ්ඩලීකරන ශක්තිය භාවිතා කරමින් ඇය සුවපත් කළ බවද කොරෝනා හා සමාන වෛරසයකට ප්‍රතිකාර සොයාගෙන අවුරුදු අසූ තුන්දාහක් ආපස්සට ගමන් කළ බවද ඔහු පවසයි.

ශ‍්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා අගමැති ඇතුළු සෞඛ්‍ය අංශ නියෝජිතයන් සියලුම ආරක්ෂක අංශ කැප වූ බවත් ඒ සියලුදෙනාටම එහි ගෞරවය හිමිවිය යුතු බවත් ශ්‍රී ලංකාවේ විශාල ම කොරෝනා පොකුර සුව කිරීමට තමන්ද ආශිර්වාද කල බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

රෝගය සුව කිරීමේ තම වැඩසටහනේ සාර්ථකත්වය ඉන්දියාව දැනගෙන ඇති බවත් ඒ නිසා ඉන්දියාව තමනට ආරාධනා කර ඇති බවත් ඔහු කියහා සිටී.

ඒ අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා නීත්‍යානුකූල පසුබිම සකස් වෙමින් ඇති බවත් දෙරට අතර පවතින නීති රීති ගැන අවධානය යොමු කර සුදුසු පියවර ගනිමින් සිටින බවත් ඔහු කියයි.

ඒ මහතා මෙම අදහස් පළ කර ඇත්තේ සති අන්ත පුවත්පතක් වෙත අදහස් පල කරමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More