දේශීය පුවත්

විවිධ සමාගම් හා ව්‍යාපාරිකයින්ගේ වුවමනාව මත රජය ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන මහ බැංකුවේ උසස් නිලධාරීන් පනහකට ආසන්න පිරිසක් සිටින බව එහි උසස් නිලධාරියකු පැවැසීය.

මෙම නිලධාරීන්ට එකී සමාගම්වලින් මුදල් හා වින්දිතයින්ගෙන් මුදල් තෑගි බෝග හා විදේශ සංචාර ලැබෙන නිසා රජයේ උපදෙස් ක්‍රියාත්මක නොකර එම ආයතනවලට වාසි සහගත මූල්‍ය කටයුතු හා නීති ක්‍රියාත්මක කරන බවද සඳහන් වේ.

ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය ගන්නා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයට ද මෙය හේතුවක් වී ඇත.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මහබැංකු නිලධාරීන්ට අවවාදාත්මකව ප්‍රකාශ කළේ ජනතා හිතවාදීව මහ බැංකුවේ කටයුතු සිදු කරන ලෙසටය.

එහි දී මූල්‍ය පහසුකම් සපයන ආයතන නියාමනය කිරීමේ දී මෙම තත්ත්වයන් උද්ගත වී ඇත. ෆිනෑන්ස් සමාගම්, ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ස්ථාන, උකස් මධ්‍යස්ථාන කළමනාකරණයේ දී නීති රීති උල්ලංඝනය කරන ආයතන හා ව්‍යාපාරිකයින්ට එරෙහිව මහ බැංකුව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී සිදු වන මන්දගාමී ස්වරූපය මගින් එය ප්‍රත්‍යක්ෂ වන බව එම නිලධාරියා තවදුරටත් පැවැසීය.

 

Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More