සෑම අපේක්ෂකයකුම එකිනෙකා විවේචනය නොකර මනාප සටන් ඇති කර නොගෙන කටයුුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම අපේක්ෂකයින්ට දැනුම් දී තිබේ.
ඇතැම් දිස්ත්‍රික්කවල මනාප ලබාගැනීම සඳහා එකිනෙකා විවේචනය කරන තත්ත්වයක් මතු වී තිබෙන බවට ආරංචි ලැබීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු අපේක්ෂකයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම දැනුම් දීම කර ඇත.
මහ මැතිවරණ කාලය තුළ රූපවාහිනී විවාද සඳහා කථිකයින් යෙදවීම සාධාරණ නොවන බවට මෙහි දී ඇතැම් අපේක්ෂකයින් පැමිණිලි කර තිබේ. එහිදී පූර්ව සූදානමක් ඇති අපේක්ෂකයින් පමණක් රූපවාහිනී විවාදවලට යොමු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත.
ඇතැම් අපේක්ෂකයින් කිසිදු පූර්ව සූදානමකින් තොරව විවාදවලට සහභාගි වීම නිසා ගැටලු මතුව ඇති බව මෙහි දී පෙන්වා දී තිබේ. සෞඛ්‍යාරක්ෂිතව සහ මැතිවරණ නීති රීතිවලට අනුගත වෙමින් මහ මැතිවරණය සිදු කරන ආකාරය පිළිබඳ විශේෂ ලිපි ගොනුවක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙහිදී සියලු අපේක්ෂකයින්ට ලබා දී තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...