දේශීය පුවත්

මහත් ආන්දෝලනයකට තුඩු දුන් වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කර ගිනි අවි පැහැර ගැනීම, මාවනැල්ලේ බුදුපිළිම කැඩීම, මාවනැල්ලේ තස්ලිම්ට වෙඩි තැබීම හා වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම යන සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණයේ කටයුතු අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට ලිපි ගොනු නඩු පැවරීමට යොමු කර මාස අටකට ආසන්න කාලයක් ගතව ඇතත් එය සිදු නොවී ඇති බව වාර්තා වේ.

2018 නොවැම්බර් 30වැනි දින මඩකලපුව වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කර ගිනි අවි පැහැර ගැනීම, 2018 දෙසැම්බර් 22 දින මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම හයට පහරදීම, අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීමේ වරදට රාසික් මොහොමඩ් තස්ලිම්ට 2018 මාර්තු 9 දින වෙඩි තැබීමේ සිද්ධිය, 2019 ජනවාරි 18 දින වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය තොගයක් හමුවීම යන සිද්ධි හතරට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ අධ්‍යයනය කර ත්‍රස්තවාදි පනත යටතේ නඩු ගොනු කල හැටි ආකාරයට පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී එහි වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්නගෙන් කළ විමසීමකදී ඇය පැවැසුවේ ඒ සම්බන්ධයෙන් සොයා බලන බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More