ගුවන් හමුදාව හැර යුද, නාවික විශේෂ කාර්ය බළකාය ත‍්‍රස්ත මර්දන ඒකකය, රහස් පොලිසිය සහ ශ‍්‍රී ලංකා පොලිසිය යන ආරක්‍ෂක අංශවල නිලධාරීන් 150 කට අධික පිරිසකට යුද අපරාධ චෝදනා එල්ල කිරීම නිසා ඔවුන් විදේශගත වුවහොත් අත්අඩංගුවට පත්වීමේ අනතුරක් මතුව තිබේ.
මෙම නිලධාරීන්ගේ නාමලේඛනයක් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මිත් සුකා විසින් ස්විස්, ප‍්‍රංශ, ජර්මානු, ඔස්ටි‍්‍රයා, ඉතාලි ඇතුළු යුරෝපා සහ බෝලටික් රටවල ගුවන් තොටුපල වෙත යවා ඇත.
සර්ව ලෝක නීතිය යටතේ මොවුන් අත්අඩංගුවට ගන්නැයි ඇය ඉල්ලා ඇති අතර හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ද ඊට සහාය දක්වා තිබිණි. මෙම නාමලේඛනයට හිටපු හමුදා ප‍්‍රධානීන් 61 කගේ නම් ද ඇතුළත් වී ඇත. යස්මිත් සුකා මෙම හමුදා නිලධාරීන්ට එරෙහිව විමර්ශන වාර්තා 76 ක් මානව හිමිකම් කවුන්සිලයට යවා තිබිණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...