දේශීය පුවත්

2019 දෙසැම්බර් 26 දිස්වූ සූර්යග්‍රහණයට සමාන වළයාකාර සූර්යග්‍රහණයක් හෙට (21) දිස්වන අතර , ලංකාවේ අපට එය දිස්වනුයේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසට බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

නැවතත් සූර්යග්‍රහණයක් අපට දැකබලාගත හැකිවනුයේ 2022 ඔක්තෝබර් 22 දාය.

දින 30 ඇතුළත ග්‍රහණ තුනක් එනම් චන්ද්‍රග්‍රහණ දෙකක් සහ සූර්යග්‍රහණයක් ලොවට දිස්වන ග්‍රහණ කාල පරිච්චේදයක් මේ දිනවල උදාවී ඇත.

සූර්යග්‍රහණය දිස්වන ප්‍රදේශ සහ වේලාවන්මෙම වළයාකාර සූර්යග්‍රහණය ජුනි 21 වන දින මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සිට උදේ වරුවේ ආරම්භ වන අතර පසුව කොංගෝව, ඉතියෝපියාව, යේමනය, සවුදි අරාබිය, ඕමානය, පාකිස්තානය, ඉන්දියාව, චීනය සහ තායිවානය වෙත ගමන් කර, දකුණු පැසිෆික් සාගරයේ දී එය සවස් වරුවේ අවසන් වේ.
2020 ජුනි 21 ​​වන දින කොළඹ නගරයට පෙ.ව. 10.29 පමණ සිට ප.ව. 01.19 පමණ කාලය තුළ පැය දෙකකුත් විනාඩි පනහකට ආසන්න කාලයක් තුල මෙය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දිස්වේ.

ග්‍රහණ උපරිම අවස්ථාව වන පෙ.ව. 11.51 වන විට චන්ද්‍රයා විසින් සූර්ය තැටියෙන් 30% ක පමණ ප්‍රමාණයක් ආවරණය වනු ඇත.

ලංකාවේ විවිධ ප්‍රදේශ වලට විනාඩි කිහිපයක වෙනසක් සහිතව ආරම්භය සහ අවසානය දිස්වේ.

උදාහරණයක් ලෙස යාපනයට ග්‍රහණ ආරම්භය පෙ.ව. 10.24 , ග්‍රහණ උපරිමය පෙ.ව. 11.54 සහ ග්‍රහණ අවසානය ප.ව. 1.30 ට සිදු වන අතර මාතර නගරයට ග්‍රහණ ආරම්භය පෙ.ව. 10.34 , ග්‍රහණ උපරිමය පෙ.ව. 11.53 සහ ග්‍රහණ අවසානය ප.ව. 1.17 ට සිදුවනු ඇත.

ග්‍රහනයක් ඇතිව හෝ නැතිව සූර්යයා දෙස නිසි ආරක්‍ෂිත ක්‍රම භාවිතා නොකර සෘජුව පියෙවි ඇසින් බැලීමෙන් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අන්ධභාවයට හා වෙනත් ස්ථිර අක්ෂි හානිවලට හේතු විය හැකිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More