විදේශ පුවත්

ඉන්දිය හමුදාව හා සිය හමුදාව අතර ඉකුත් දා හටගත් ගැටුම් සම්බන්ධයෙන් චීනය අද පළමු වරට නිල වශයෙන් කරුණු දැක්වීමක් සිදුකර තිබේ. විදෙස් වාර්තා පැවසුවේ ගැටුම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු වන ලිජියෑන් සා ඕ ට්විටර් සටහන් කිහිපයක්ම තබා ඇති බවයි.

එමගින් ඔහු පවසා ඇත්තේ ඉන්දියාව එල්ල කළ ප‍්‍රහාර හිතාමතා සිදුකළ ප‍්‍රකෝපකාරී කි‍්‍රයාවක් බවයි. සිය රටේ සීමාවට ඇතුළුවූ ඉන්දීය හමුදාව ප‍්‍රහාර එල්ල බවත් පසුව එය දරුණු ගැටුමක් දක්වා වර්ධනය වූ බවත් එම ප‍්‍රකාශකයා සඳහන් කර තිබෙනවා. එහෙත්, අදාළ ගැටුම්වලදී චීන හමුදා සාමාජිකයින්ට ජීවිත හානි හෝ තුවාල සිදුවුයේ ද යන්න සම්බන්ධයෙන් අදාළ ප‍්‍රකාශකයා මෙහිදී කිසිඳු සඳහනක් කර නැත.

කෙසේවෙතත් අදාළ ගැටුම් සම්බන්ධයෙන් චීනය මෙලෙස ප‍්‍රතිචාර දැක්වුයේ එම ගැටුම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විශේෂ ප‍්‍රකාශයක් සිදුකර ඇති පසුබිමක වීම විශේෂත්වයකි. හිමාල කඳුකරය ආශ‍්‍රිතව පිහිටි මතභේදාත්මක ගැල්වාන් නිම්නයේ අක්සායි චීන ලඩාක් ප‍්‍රදේශයේදී ඉන්දීය හමුදාව සහ චීන හමුදාව අතර ඉකුත් දා හටගත් ගැටුම්වලින් ඉන්දීය හමුදා සාමාජිකයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More