දේශීය පුවත්

රජයෙන් ලබාදුන් මාස 6 ක සහන කාලය අවසන් වනතෙක් කිසිඳු හේතුවක් මත ලීසිං පහසුකම ලබාදෙන මූල්‍ය ආයතනවලට වාහන නැවතත් අත්පත් කරගත නොහැකි බව පොලීසිය අවධාරණය කරයි.

අපරාධ සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මූල්‍ය සමාගම් නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමින් මේ බව සඳහන් කළේය.

බස්නාහිර පළාතේ ලීසිං පහසුකම ලබාදෙන මූල්‍ය සමාගම් නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී ඊයේ (19) පැවැත්වුණි.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ අදාළ නීති කඩකරන මූල්‍ය ආයතනවලට එරෙහිව පොලිස් ආඥා පණත යටතේ නඩු පවරන බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More