දේශීය පුවත්

තමන් එල්ටිටිඊ සංවිධානයේ කරුණා අම්මාන් ලෙස ක්‍රියා කළ කාලයේදී එක් රැයක් තුළ අලිමංකඩ කඳවුරේ සිටි හමුදා සොල්දාදුවන් 2000-3000ක් අතර පිරිසක් ඝාතනය කළ බවත් එය මෙරට කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාවට වඩා වැඩි බවත්, ඒ හේතුවෙන් තමන් කොවිඩ් 19 වෛරසයට වඩා භයානක බවත් විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රැස්වීමක් අතරවාරයේදීය. ඒ ” කරුණා අම්මාන් කොරෝනා වෛරසයට වඩා භයානකයි” යනුවෙන් කාරතිව් පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

යළිත් වරක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන්ට කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බවත්, තමන් ජනතාවගෙන් වරමක් ලබා ගෙන පැමිණෙන බවත්, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් ලබා ගැනීමට තමන්ගේ කැමැත්තක් නොමැති බවට අගමැතිවරයා වෙත ප්‍රකාශ කළ බවත් කරුණා අම්මාන් වැඩිදුරටත් කියා සිටියේය.

එල්ටිටිඊ සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ අංශ නායකයා ලෙස ක්‍රියා කළ කරුණා අම්මාන් යනුවෙන් ප්‍රචලිත විනයාගමුර්ති මුරලිදරන් එම සංවිධානයෙන් කැඩී වෙන්වී ගිය අතර පසුව TMVP සංවිධානයේ නායකයා ලෙස කලක් ක්‍රියා කරන ලදී.

පසුව පසුගිය මහින්ද රාජපක්ෂ මහතා ගේ ඉකුත් රජය සමයේ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More