දේශීය පුවත්

බැඳුම්කර වංචාවේ මහ මොළකරු ලෙස සැලකෙන හිටපු බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හෙවත් හර්ජාන් ඇලෙක්සැන්ඩර් මෙරටට ගෙන්වා ගැනීමට උදර්පන නීතිය හරස් වී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

මේ බව සිංගප්පූරුවේ ස්වදේශ අමාත්‍යංශය නිල නොවන වශයෙන් රජයේ ඉහළම ප්‍රධානියකුට දන්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

දෙරට අතර අපරාධයකට සම්බන්ධ පුද්ගලයන් හුවමාරැවකට අදාළ ගිවිසුමක් නොමැත. එසේම අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ නිත්‍ය පුරවැසියෙකි.

එරට පුරවැසියකු මෙරටදී සිදුකළ අපරාධයකට අදාළ පියවර ගැනීම දුෂ්කර තත්ත්වයට පත්ව ඇත්තේ ගිවිසුම්ගත බැඳීමක් නොමැති වීමෙනි. එම නිසා බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය නිති සම්ප්‍රදායන් අනුව අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ විධිවිධාන තිබේදැයි දැන් දෙරට ආණ්ඩු සොයා බලමින් සිටී.

කෙසේවෙතත් අර්ජුන මහේන්ද්‍රන් සිය නම වෙනස් කර ගැනීම අපරාධ චෝදනාවෙන් ගැලවීමට කිසිදු ආකාරයකින් බලපාන්නේ නැතැයි ද සඳහන් වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More