කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකකයේ සිසුන් පිරිසක් විසින් මෙම නව නිර්මාණය සිදු කළ බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.
එම ජංගම දුරකථන යෙදවුම මඟින් කොවිඩ් අවදානම් සහිත පුද්ගලයින් දුර සිට හඳුනාගත හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටියේය.
එමෙන්ම ජනතාව සඳහා ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමට මෙම යෙදවුම මඟින් කාර්යය රැසක් ඉටු කර ගත හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.
මෙම යෙදවුම වෙනත් රටවල් සඳහා ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට භාරදීමට කටයුතු කරන බව ද චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...